වත්මන් රජය දුම්රිය ශක්තිමත් කිරිමට ගෙනා නව බලවේග කට්ටලය

ජූලි 23, 2019

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ඇණිය වර්ධනය කරමින් S 13 නව බලවේග කට්ටලයක් සහ M 11 නව එංජිමක් එක් වෙයි.

    ඉන්දියාවෙන් මිළදි ගනු ලැබු බලවේග කට්ටලය සහ දුම්රිය එංජිම කොළඹ වරායට ගොඩබා තිබේ. ඉන්දීය ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ එවා මිළදි ගෙන ඇත.

    ඉන්දීය ණය ආධාර යටතේ ඇණවුම් කර ඇති ද්විත්ව බලවේග කට්ටල ගණන 6කි. අද ගොඩබෑ බලවේග කට්ටලය සමඟ එයින් දැනටමත් 4ක් මෙරටට ගෙන්වා තිබේ. M 11 එංජින් (Locomotive) 10ක් ගෙන්වීමට අපේක්ෂිත අතර අද ගොඩබෑ එංජින්ම සමඟ එයින් 4ක් ලැබි ඇත. තවත් දුම්රිය එන්ජිමක් සහ බලවේග කට්ටලයක් සති 03ක් ඇතුලත ඉන්දියාවේ සිට කොළඹ වරාය වෙත ලගා වීමට නියමිතයි.

    මීට අමතරව චීනයෙන් ඇණවුම් කළ උඩරට මාර්ගයේ ධාවනයට යෙදෙන S 14 බලවේග කට්ටල 9ක් ගෙන්වීමට නියමිතයි. එම බලවේග කට්ටලවල පළමුවැන්න චීනයේ ෂැන්ඩාවෝ වරායේ සිට කොළඹ වරාය වෙත ඉදිරියේදී පැමිණීමට නියමිත වෙයි.

    sltrain px 900 19 07 23

    sltrain1 px 900 19 07 23

     

    Latest News