මොරටුව - පිටකොටුව බස් රථයකින් වැල්ලවත්ත සිට බම්බලපිටිය දක්වා ගමන් කිරීමෙ දී රුපියල් ලක්ස 82ක් වටිනා මැණික් ගල් හා රුපියල් 130,000/-ක් වටිනා චෙක්පතක් කිසියම් පුද්ගලයෙකු විසින් සොරාගෙන තිබේ. අනතුරුව ඒ සම්බන්ධයෙන් ඊයේ (26) දින සවස 4.20ට පමණ බම්බලපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකෙරුණු අතර වහාම විමර්ශන ආරම්භ කෙරිණ.
සැකකරු අද දින (27) අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.