පොහොට්ටුවට ගිය අයගේ මන්ත්‍රී කම රැකුන හැටි වෙල්ගම කියයි (වීඩියෝ)

ජූලි 27, 2019

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත් මන්ත්‍රීන්ගේ මන්ත්‍රී කම රැකුන හැටි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා හෙළි කරයි.

    ඒ මහතා මේ වබ ප්‍රකාශ කළේ කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. කොළොන්නාව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (26) පස්වරුවේ විවෘත කෙරිණි.

    එම උත්සව සභාව අමතමින් අදහස් දැක්වූ පා.ම. කුමාර වෙල්ගම .....

    මම පොහොට්ටුව හදන්න ගොඩක් මහන්සි මහන්සි වුණා. බැසිල් රාජපක්ෂ මහත්තයායි මමයි තමා ඉස්සෙල්ලාම පටන් ගත්තේ.  ඒත් පොහොට්ටුවේ සාමාජිකත්වය මම ගත්තේ නැහැ. සාමාජිකත්වය ගත්ත අය රැකිලා ඉන්නේ ජනාධිපති හා අමරවීර මහත්තයාට පින් සිද්ධ වෙන්න. ජනධිපතිතුමා විරුද්ධ වුණා නම් අද මන්ත්‍රීවරු නැහැ. දැන් ඔක්කොම කියනවා නිදහස් පක්ෂයට ගොඩ එන්න බැහැ කියලා. මම කියනවා නිදහස් පක්ෂය නැවතුව කාටවත් ආණ්ඩු හදන්න බැහැ.මම විතරක් නෙවේ බලන්න ඉස්සරහට තව කීදෙනෙක් එයිද කියලා. ඉදිරියට යනකොට තව හොඳ දැවැන්තයෝ නිදහස් පක්ෂය වටා එකතු වෙනවා."

     

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කොළොන්නාව සංවිධායක ප‍්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් කොටිකාවත්ත මංසන්ධියේ මෙම නව කාර්යාලය විවෘත කෙරුණු අතර සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු සැම එකට හමුවන අපේ මහ ගෙදර, නමින් මෙම කාර්යාලය නම් කර තිබේ.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ කොළොන්නාව වාම කඳවුරේ සාමාජිකයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 27 ජූලි 2019 18:49

    Latest News