ඉදිරි වසර 10 තුළ කඩොලාන පරිසර පද්ධතියේ වර්ධනයක් (වීඩියෝ)

ජූලි 27, 2019

    ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධතිය හෙක්ටයාර් 49,000ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි, මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය පවසයි.

    ජගත් කඩොලාන දිනය සැමරීමේ උත්සවයක් ඊයේ පැවැත්වුණේ, හලාවත පම්බල ලංකා සුළු ධීවර සම්මේලන පරිශ්‍රයේදී. ලෝක කඩොලාන විශේෂ විවිධත්වයෙන් තුනෙක් එකක්, ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධතිය තුළ පවතී. එය 2010 වර්ෂයේ දී හෙක්ටයාර් 15,669 ක භූමි ප්‍රමාණයක ව්‍යාප්තව තිබූ බව වාර්තාවේ. මේ වනවිට එම ප්‍රමාණය හෙක්ටයාර 12,700 ක් පමණ බන බව, මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහතා පවසයි. කඩොලාන පරිසර පද්ධතියේ වැදගත්කම, එය ආරක්‍ෂා කිරීම හා සංරක්‍ෂණ කටයුතු පිළිබඳ මෙහිදී දැනුවත් කෙරිණ. දිවයින පුරා විසිරි සිටින සුළු ධීවර සම්මේලනයේ නියෝජිතයන් හා පාසල් සිසුන් රැසක් මීට එක්වූහ.

    Last modified on සෙනසුරාදා, 27 ජූලි 2019 20:34

    Latest News