රැකියා විරහිත උපාධිධාරින් 16000 කට රජයේ පත්වීම්

ජූලි 30, 2019

    උපාධිධාරීන් 16,000කට රැකියා ලබාදීමේ වැඩසටහන අද ආරම්භ වෙයි.

    ජාතික උත්සවය අරලියගහ මන්දිරියේ දී පැවැත්වෙන්නේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. රැකියා දස ලක්ෂයක් බිහි කිරීමේ රජයේ වැඩපිළිවෙළ යථාර්තයක් බවට පත් කරමින් උපාධිධාරීන් දහසය දහසකට රජයේ රැකියා පිරිනැමෙයි. රාජ්‍ය සේවය පුළුල් කිරීම අරමුණයි. කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් තෝරාගත් උපාධිධාරීන් සඳහා අද පත්වීම් පිරිනැමෙයි. බාහිර උපාධිධාරීන් 880කටද, එහිදී පත්වීම් පිරිනැමීමට නියමිතයි.

    කොළඹ දිස්ත්‍රික්කයේ 1,840ක්,ගම්පහ දිස්ත්‍රික්කයේ 1,760ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ 200 දෙනෙකුට අද දෙනෛකු බැගින් 880 දෙනෙකුට ද එහි දී පත්වීම් හිමිවනු ඇති. තෝරාගත් සෙසු සියලු උපාධිධාරීන්ට හෙට හා අගොස්තු 1,2 යන දිනයන්හි අදාළ පත්වීම් ලබාදොන ලෙසයි, අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ. වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, පුනරුත්ථාපනය, නැවත පදිංචි කිරීම්, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය විසින්.

    Last modified on අඟහරුවාදා, 30 ජූලි 2019 07:53

    Latest News