ජනතා ඉල්ලීමට දුම්රියෙන් ප්‍රතිචාරයක් (විඩියෝ)

නොවැ 17, 2018
  • කැලණිවැලි මාර්ගය සදහා වසර 10කට පසුව නව දුම්රියක් අද පස්වරුවේ ධානයට එක් කෙරිණ.

    ඒ අනුව රුපියල් මිලියන 70ක් වියදමින් පූර්ණ නවිකරණය කරන ලද මැදිරි 05කින් යුතු දුම්රියක් කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වාත් අවිස්සාවේල්ලේ සිට කොටුව දක්වාත් ධාවනය සිදුවේ. 1990 වසරේ මෙරටට ආනයනය කරන ලද SS8 වර්ගයේ බලවේග කට්ටලය පුර්ණ වශයෙන් රත්මලාන දුම්රිය ඉංජිනේරු වැඩපල තුල අලුත්වැඩියා කර, මැදිරි දේශිය සමාගමක් විසින් පුර්ණ අළුත්වැඩියාවක් කලේය.

    පැරණි මැදිරි 200ක් නවීන පහසුකම් සහිතව නවිකරණය කිරිමේ ව්‍යාපෘති යටතේ දුම්රිය මැදිරි 68 ක් ධාවනය එක් කර තිබේ. මෙම දුම්රිය මැදිරියක් නවීකරණය කිරිමට රුපියල් මිලියන 12ක් පමණ වැය වන අතර, මේවැනි මැදිරියක් ආනයනය කිරිම සදහා රුපියල් මිලියන 28ක් පමණ වැය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මෙම ව්‍යාපෘතිය තුලින් විශාල විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබි ඇත.

    මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මේ වසර අවසන් වීමට පෙර තවත් දුම්රිය මැදිරි 160ක් හා මැදිරි 11කින් යුතු ඉන්දියාවේ නිෂ්පාදිත බලවේග කට්ටල 02ක් ආනයනය කිරිමට පියවර ගෙන තිබේ. එමෙන්ම උඩරට මර්ගයේ ධාවනය සදහා දුම්රිය එන්ජින් 06ක් ලබන වසරේ ආනයනය කිරිම සිදුවේ.

    අද දින කැළණිවැලි දුම්රිය මාර්ගයේ ආරම්භ කල දුම්රිය සේවාව සදහා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු ඇතුළු නිළධාරින් පිරිසක් සහභාගී විය.

    පසුගිය කාල පරිච්ඡේදය පුරා මගී ජනතාව විසින් කරන ලද ඉල්ලීම් සහ විවිධ ජනමාධ්‍ය මගින් පෙන්වාදුන් අවශ්‍යතාවක් වු බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

     

    train 01 px 900 18 11 17

    train 02 px 900 18 11 17

    train 03 px 900 18 11 17

    Last modified on සෙනසුරාදා, 17 නොවැම්බර් 2018 18:29

    Latest News