රාජකාරියේ යෙදී සිටි ගුවන් භටයෙක් සිය දිවි හානි කර ගනී

ජූලි 31, 2019

    ස්විස්ටර්ලන්ත තානාපති නිල නිවසේ රාජකාරීයේ යෙදී සිටි ගුවන් හමුදා භටයෙකු සිය රාජකාරි ගිණි අවියෙන් වෙඩි තබා ගෙන සියදිවි හානි කරගෙන තිබේ.

    අද (31) ප.ව. 1:15ට පමණ කොල්ලුපිටිය, තර්ස්ටන් පාර පිහිටි ස්විස්ටර්ලන්ත නිල නිවස අසල දී මෙම වෙඩි තබා ගැනීම සිදු වී තිබේ. මෙම වෙඩි තබා ගැනීමෙන් බරපතල තුවාල ලැබූ ගුවන් භටයා කොළඹ ජාතික රෝහලට ඇතුල් කිරීමෙන් පසු මිය ගොස් ඇත. වයස අවුරුදු 21ක් වූ ගම්පොල ප්‍රදේශයේ පදිංචි මෙම සෙබලා ගුවන් හමුදා මූලස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි බව වාර්තාවේ.

    Latest News