ජාතීන් අතර සහජීවනයට කැපවන බව ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම්ගෙන් සහතිකයක් (වීඩියෝ)

ජූලි 31, 2019

    ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් සහ ජාත්‍යන්තර විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (31) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

    ශ්‍රී ලංකාවේ ආගමික සහජීවනය හා සංහිදියාව ගොඩනැගීම පිළිබදව වැඩි අවධානයක් යොමු කෙරිණි.

    පසුගිය අප්‍රේල් 21 වෙනිදා බෝම්බ ප්‍රවහාරය එල්ලවීමත් සමඟ ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කරමින් ඊට සම්බන්ධ ත්‍රතස්තවාදීන් නීතියේ රැහැනට හසුකර ගැනීමටත් රට සාමාන්‍ය තත්වයට පත්කිරීමටත් ගත් පියවර පිළිබදව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා දැනුවත් කළේය.

    ජාතීන් අතර සහජීවනය ඇති කිරීමට තමා කැපවන බව පෙන්වා දුන් ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් අවධාරනය කළේය. පසුගිය අප්‍රේල් 21 වෙනිදා ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධව සිය කනගාටුව පළ කළ අතර, එම ප්‍රහාරය එල්ලවී ඉතා කෙටි කලක් තුල රට සාමාන්‍ය තත්වයට පත්කිරීමට හැකිවීම පිළිබඳව ඔහු විසින් රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රසාදය පළ කෙරිණ.

    මේ සංචාරයේදී තමනට මහා සංඝරත්නය සමග සාකච්ඡා ගණනාවක් පැවත්වීමට අවකාශ සැලසුණු බවත්, ලොවටම මෛත්‍රිය පතුරුවාලන ධර්මයක් ලෙස බුදු දහමෙහි හරයාත්මක වටිනාකම් ඒ සාකච්ඡාවන්හිදී යළි යළිත් තහවුරු වූ බවද මහලේකම්වරයා පෙන්වා දුන්නේය.

    පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා වන අරමුදල උදෙසා අමෙරිකානු ඩොලර් මිලියන 5 ක මුදලක් පරිත්‍යාග කරන බවද ඔහු කියා සිටියේයා. ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ ජනතාව සම්බන්ධව සොයා බලමින් ඔවුන්ට උදව් උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම්වරයාට වික්රිමසිංහ මහතා සිය ස්තුතිය පළ කළේය.

    මෙම අවස්ථාවට තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්යා එම්. එච්. ඒ. හලීම්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මීල් යන මහත්වරුන් ද එක් වූහ.

    Last modified on බදාදා, 31 ජූලි 2019 19:50

    Latest News