update- ජනාධිපති කොමිසමට උත්තර දෙන්න සබීතා එයි

අගෝ 01, 2019

    කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිල්ල පිළිබඳව ලැබී ඇති පැමිණිල්ලට අදාලව ප්‍රකාශයක් ලබාදීමට සබීතා පෙරේරා මහත්මිය ජනාධිපති කොමිසමට පැමිණ තිබේ. 

    DPJ ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 21ක මාසික කුලියකට ලබා ගන්නා අවස්ථාවේ දී අයිතිකාර පාර්ශවය වෙනුවෙන් අත්සන් තැබූ අයෙක් ලෙසට පැමිණිල්ල මගින් ඇයව නම් ඇත. එ අනුව ඇය අද ප්‍රකාශයක් ලබාදිමට කොමිසම හමුවේ පෙනි සිටියාය.

    update- කොමිසමට උත්තර දෙන්න සබීතා අද පැමිණ නෑ..

    කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිල්ල පිළිබඳව ලැබී ඇති පැමිණිල්ලට  අදාලව ප්‍රකාශයක් ලබාදීමට අද පැමිණිනෙන ලෙස සබීතා පෙරේරා මහත්මියට දන්වා තිබුණ ද ඇය අද එහි පැමිණ නොමැත.

    ඒ අනූය ඇය ලබන 5 වැනිදා පැමිණෙනු ඇති බව කොමිසම පවසයි. ඇයට පසුගිය 17 වැනි දින පැමිණෙන කොමිසම විසින් මීට පෙර දන්වා තිබුණ ද එදින ද ඇය නොපැමිණි බව, කොමිසම වැඩිදුරටත් කියා සිටියේය. 

    DPJ ගොඩනැගිල්ල ගැන උත්තර දෙන්න සබීතා ජනාධිපති කොමිසමට....(පෙ.ව 8.00)

    කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන පෞද්ගලික ගොඩනැඟිල්ල පිළිබඳව රාජ්‍ය ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිල්ලට අදාලව ප්‍රකාශයක් ලබාදීමට එම කොමිසමේ පොලිස් ඒකකය වෙත ප්‍රවීන රංගන ශිල්පිනී සබිතා පෙරේරා මහත්මියට අද පැමිණීමට නියමිතයි.

    මෙම DPJ ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 21ක මාසික කුලියකට ලබා ගන්නා අවස්ථාවේ දී අයිතිකාර පාර්ශවය වෙනුවෙන් අත්සන් තැබූ අයෙක් ලෙස සබිතා පෙරේරා මහත්මියගෙන් ප්‍රකාශයක් ලබා ගැනිමට නියමිතයි.

     

     

    Last modified on අඟහරුවාදා, 27 අගෝස්තු 2019 11:46

    Latest News