එමෙන්ම, ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේදී පාවෙමින් තිබූ පාර්සලයක් නිරික්ෂණය කර ඇති අතර, එම පාර්සලය පරික්ෂා කිරීමේදී එහි තිබි බීඩි කොළ කිලෝග්රෑම් 20 ක් සොයා ගෙන තිබේ. නාවික හමුදා බාරයට ගත් බීඩිකොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතයි. නිරන්තර මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් මෙම බීඩි කොළ අතහැර දමා ගොස් ඇති බව සැක පළ කෙරේ.