යුරෝපා සංගමයේ විශේෂ නියෝජිත පිරිසක් උතුරේ සංචාරයක

අගෝ 10, 2019

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයින් පිරිසක් හා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර සාකච්ජාවක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ(09) පැවැත්විණ. 

    මෙම විශේෂඥ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වන්නේ, ශ්‍රී ලංකා රජය විසින් යුරෝපා සංගමයට ඉදිරි මැතිවරණවලදී නිරීක්ෂණ කටයුතු සඳහා ආරාධනා කිරීමට හේතු සොයා බැලීමයි.

    සාකච්ජාව වෙනුවෙන් එම යුරෝපා සංගමය නියෝජනය කරමින් රිකාඩෝ චෙලරි මහතා, හාන්ස් වේබර් මහතා, දිමිත්‍රා ලෝනාඕ මහත්මිය, පවෙල් ජුර්සාක් මහත්මිය සහ ලැන් මිලර් මහතා සහභාගී වූහ.

    Last modified on සෙනසුරාදා, 10 අගෝස්තු 2019 13:00

    Latest News