රගර් ක්‍රීඩකයින්ගේ සිරුරු කොටස් බ්‍රිතාන්‍ය අධිකරණයකට

අගෝ 10, 2019

    ​කොළඹ පැවැත්වු සුහද රග්බි තරගාවලියකට පැමිණ සිටියදී රෝගාතුර පෞද්ගලික රෝහලක ඇතුළත් කිරීමෙන් පසුව මිය ගිය බ්‍රිතාන්‍ය ජාතික රක්බි ක්‍රීඩකයින් දෙදෙනාගේ මෘතදේහවල ජීව විද්‍යාත්මක කොටස් බ්‍රිතාන්‍යයේ අධිකරණයට යොමු කිරිමට කොටුව මහේස්ත්‍රාත් විසින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතාට නියෝග කර තිබේ.

    බ්‍රිතාන්‍යයේ ප්‍රාන්ත අධිකරණයක, මෙම ක්‍රීඩකයන් දෙදෙනා මියයාම සම්බන්ධයෙන් සිදු කරන අධිකරණමය කටයුතු සදහා මෙම ජීව විද්‍යාත්මක ශරීර කොටස් යවන ලෙසට නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් මත මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

    ඔවුන් මියයාම අපරාධමය සිද්ධියකින් නොවන බව හදිසි මරණ පරීක්ෂණයේදි අනාවරණයවි තිබේ. රගර් තරගාවලිය කාල සිමාවේ රැදී සිටි හෝටලයෙන් බැහැරව ගොස් හෙරොයින් පානය කිරීමෙන් පසු හෝටලයට පැමිණ රෝගීවීමෙන් පසු පළමුව රෝහල් ගත කළ බ්‍රිතාන්‍ය ජාතික තෝමස් ඇන්ඩෘ හෝවඩ් මියගොස් ඇති බවත් දෙවනුව මරණයට පත් වූ තෝමස් රීඩ් බෙටී හෙරොයින් අධි මාත්‍රාවක් ගැනීමෙන් මිය ගොස් ඇති බවත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්වේ.

    මේවන විට එම ක්‍රීඩකයින්ගේ මෘත දේහයන් ඔවුන්ගේ ඥාතීන් වෙත එරට තානාපති කාර්යාලය හරහා භාරදී ඇත. මෙම ක්‍රීඩකයන් දෙදෙනාට හෙරොයින් මත්කුඩු ලබා දුන් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව මේ වනවිට ඇප මත මුදා හැර තිබෙනවා.

    රගර් තරගාවලියක් සඳහා සහභාගී වීමට මෙරටට පැමිණ සිටියදී හදිසියේ රෝගාතුර වී පුද්ගලික රෝහලකට ඇතුළත් කිරිමෙන් අනතුරුව මිය ගිය ක්‍රීඩකයින් දෙදෙනා වන තෝමස් රීඩ් බෙටි (27) සහ හෝවඩ් තෝමස් ඇන්ඩෲ (26) යන කී‍්‍රඩකයයින් මිය යාම වෙනුවෙන් පැවැත්වු නඩුව කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු නිකුත් කළේය.

    Last modified on සෙනසුරාදා, 10 අගෝස්තු 2019 11:47

    Latest News