ප්‍රදේශයට පවතින දැඩි නියඟයත් සමඟ මෙම අලි පැටවා ආහාර සොයා මුකලන් පට්ටිය කුඹුරු යායට පැමිණ තිබේ. අවුරුදු 2ක් පමණ වයසැති අලි පැටවා එහි මඩේ එරී සිටිය දී සොයා ගනු ලැබීය. අලි පැටවා පුලස්තිගම විහාරස්ථානයට ගෙනවුත් ප්‍රතිකාර කළ අතර, අලියා මේ වන විට ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බවයි, වාර්තාකරු පවසන්නේ.
මේ පිළිබඳව ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය රෝහල ද දැනුවත් කෙරුණු අතර, වනජීවී පශු වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ වැඩිදුර ප්‍රතිකාර කිරීමට නියමිතයි.