ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ සේවා කාලය දීර්ඝ කෙරේ

අගෝ 23, 2019

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සේවා කාලය දීර්ඝ කර තිබේ.

    මේ වසරේ දෙසැම්බර් මස 31 වැනි දින දක්වා ඔහුගේ සේවා කාලය දීර්ඝ කර ඇති බව සඳහන්වේ.

    ඔහුගේ සේවා කාලය දීර්ඝ කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්. 

    රවීන්ද්‍ර විජේගුණරත්න මහතා 2015 වසරේ සිට 2017 වසර දක්වා නාවික හමුදාපති ධුරයෙහි ද කටයුතු කර තිබේ.

    Latest News