2019 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය අද සිට ප්‍රදර්ශනය කෙරේ

අගෝ 23, 2019

    2019 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනය කිරීම අද (23) සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    ඒ අනුව දිවයින පුරා පිහිටි ග්‍රාම නිලධාරී කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනය කිරීම සිදුකෙරේ.

    ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කර ඇති සහ ඉවත් කර ඇති නම් පිළිබඳව එහි සඳහන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    යම් පුද්ගලයෙකුගේ නමක් ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් වී නොමැති නම් ඒ පිළිබඳව අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව පවතී.

    එමෙන්ම ඡන්ද හිමි නාමලේඛණය සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට ද හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටී.

    Latest News