කුවේට්හිදී විවිධ හිරිහැරවලට ලක් වූ කාන්තාවන් 60 ක් දිවයිනට

අගෝ 23, 2019

    කුවේටයේ රැකියාවලට ගොස් විවිධ හිරිහැරවලට ලක් වූ කාන්තාවන් 60 දෙනෙකු ඊයේ අලුයම දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

    එම කාර්යාංශය සඳහන් කළේ, කුවේට් හී සුරක්ෂා නිවාසයේ රැඳී සිටි කාන්තාවන් 45 දෙනෙකු ඒ අතර වන බවයි.

    අනෙක් කාන්තාවන් 15 දෙනා කුවේට් රාජ්‍යයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේත්තුව භාරයේ සිටි පිරිසකි.

    තවත් ශ්‍රී ලාංකික ශ්‍රමික කාන්තාවන් 173 දෙනෙකු කුවේටයේ සුරක්ෂා නිවාසයේ රැඳී සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසීය.

    Latest News