ඩ්‍රෝන යානා පිළිබඳ සංගණනයක්

අගෝ 23, 2019

    ඩ්‍රෝන යානා පිළිබඳ දීපව්‍යාප්ත සංගණයක් පැවැත්වීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කරයි.

    එම අධිකාරිය ප්‍රකාශ කළේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් අදාළ සංගණනය සිදු කරන බවයි.

    ඒ අනුව ලියාපදිංචි නොකළ ඩ්‍රෝන යානා ලියාපදිංචියට අවස්ථාව හිමිවනු ඇති.

    මේ වනවිට සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඩ්‍රෝන යානා 500 ක් පමණ ලියාපදිංචි කර තිබේ.

    අප්‍රේල් 21 ප්‍රහාරයත් සමග ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීම තාවකාලිකව තහනම් කෙරිණ.

    සංගණනයේදී ලබාගන්නා දත්ත මත පදනම්ව ඩ්‍රෝන යානා තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.

    ජාතික වැදගත්කමක් සහිත අවස්ථාවලදී පමණක් ආරක්ෂක අමාත්‍යංශය ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමට දැනට අවසර ලබා දී තිබේ.

    ඒ ගුවන් හමුදා නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේයි.

    Latest News