මළංගමුව අමුණේ අභිරහස් මරණයක්

අගෝ 23, 2019

    බදුල්ල මළංගමුව අමුණක තිබී අභිරහස් ලෙස මරණයට පත්වූ පුද්ගලයෙකුගේ සිරුරක් ඊයේ රාත්‍රී හමුවී ඇති අතර, බදුල්ල පොලිසිය මේ වන විට විමර්ශන සිදුකරමින් පවතී.

    දින කීහිපයකට පෙර ඔහු මරණයට පත්වන්නට ඇතැයි සැක කරන අතර, සිරුර නරක්වී ඇති බව පොලිසිය සදහන් කරයි.

    අද (23) දින මහේස්ත්‍රාත්පරීක්ෂණය ද පැවැත්වීමට නියමිතය.

    රඹුක්පොත ඔයෙන් ගලා එන ජලය සහිත මලංගමුව අමුණේ තිබූ මෙම සිරුර දැක ඇත්තේ දිය නෑමට ගිය පුද්ගලයෙකි.

    මෙය සැක කටයුතු මරණයක් ලෙස සලකා විමර්ශන පවත්වන බව බදුල්ල පොලිසිය සඳහන් කර සිටී.

    මොහු කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

    Latest News