හංවැල්ල රත්කරමින් වෙඩි තැබීමකින් 2ක් මරුට

අගෝ 26, 2019

    නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ නිවෙස් හිමියෙකු සහ තවත් අයෙකු මියගොස් තිබේ.

    සිද්ධිය වාර්තා වන්නේ ඊයේ රාත්‍රී 9.30ත් 10.00ත් අතර කාලය තුළයි. මුහුණු ආවරණ සහිත හෙල්මට් පැළඳ යතුරු පැදියකින් පැමිණි සාහසිකයින් දෙදෙනා වෙඩි තබා පළාගොස් ඇති බව, හංවැල්ල පදිංචි ව්‍යාපාරිකයෙකු වූ වාද්දුවගේ විජිත් ප්‍රේමලාල් හා ගලගෙදර පාදුක්ක පදිංචිකරුවෙකු වූ මුරුත්ටේටුව ගමලජ්ජලාගේ රවිඳු නමැති පුද්ගලයින් දෙදෙනෙක්. ඝාතනය කවුරුන් විසින් සිදු කළාද යන්න මෙතෙක් හඳුනාගෙන නැහැ. හංවැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

     

     

    Last modified on සදුදා, 26 අගෝස්තු 2019 08:03

    Latest News