සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට බදු සහන

නොවැ 23, 2018

    කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වසර 5කට ආදායම් බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    බදු අනුපාතය ද සියයට 28 සිට සියයට 14 දක්වා අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ අනුව, අපනයන මෙන්ම, දේශීය ආහාර පරිභෝජනය සහ කාර්මික අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගැනීම සඳහා යන අරමුණු දෙක ඉටුකර ගැනීමට හැකිවන පරිදි තේ, පොල්, රබර්, කුළුබඩු, වී, පළතුරු, එළවළු ආදී ඕනෑම කෘෂි අංශයකින් ලැබෙන ආදායම්, විශේෂයෙන් සුළු පරිමාන ව්‍යවසායකයන් වසර 5ක් සඳහා ආදායම් බදුවලින් නිදහස් කෙරෙනවා.

    දේශීයව කෘෂිකාර්මික භාණ්ඩ යොදා ගනිමින් සැකසුම් කටයුතුවල නිරතවීමෙන් ලබන ලාභය මත බදු අනුපාතය සියයට 28 සිට සියයට 14 දක්වා අඩු කෙරෙනවා. මෙමගින් ගොවි ජනතාවට මෙන්ම පාරිභෝගිකයන්ට ද සෙත සැළසෙනු ඇති.

    එසේම, කුඩා ව්‍යාපාර කටයුතුවල නිරත ව්‍යවසායකයන්ට දැඩි පීඩනයක් ඇති කළ ආර්ථික සේවා ගාස්තුව අදාළ වන ආදායම් සීමාව කාර්තුවකට රුපියල් මිලියන 12.5සිට රුපියල් මිලියන 50 දක්වා ඉහළ නැංවීමට ද යෝජනා කර තිබෙනවා.

    කෘෂිකාර්මික සංවර්ධනය තුලින් අපනයන මෙන්ම, දේශීය ආහාර පරිභෝජනයට ද ඉහළම ප්‍රමුඛතාව ලබාදිය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් අනුව මෙම සහන ක්‍රියාත්මකයි.

    පැවැති රජය මගින් බදු ක්‍රමය සඳහා සංශෝධන කිහිපයක් ඇති කිරීමත් සමඟ විවිධ ක්‍ෂේත්‍රගත වෘත්තියක් සංකීර්ණ ගැටලු ගණනාවකට මුහුණ පා සිටියා. ඉදිරියේ දී තවත් සහන රැසක් ලබාදීමට නියමිත බව රජය පවසනවා.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සෙනසුරාදා, 24 නොවැම්බර් 2018 08:12

    Latest News