මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා..
"රාජපක්ෂ මහත්තයගේ ආණ්ඩුවක් යළි එන්නේ නෑ..රාජපක්ෂ ආණ්ඩුවක් යළි බලයට පත් කරන්න තරම් බහුතර මහජනතාව මෝඩයෝවත් අවස්ථාවාදියොවත් නොවෙයි..
එක්සත් ජාතික පක්ෂය දෙකට තුනට කැඩිලද තියෙන්නේ?
කිසිම දෙකට තුනට කැඩීමක් නැහැ..නිසි අපේක්ෂකයා නියම වෙලාවට ගේන්න අපි කටයුතු කරනවා..එක පවුලක් වෙනුවට රටේ පවුල් හැට ලක්ෂයක් රජ කරවන්න පුළුවන් නව පාලනයක්, අළුත් වැඩපිළිවෙළක් එක්ක අපි ඉදිරිපත් කරනවා..අපේක්ෂකයා ඕන වෙන්නේ ඔක්තෝබර් 7..ඒ වෙනෙකෙට අපේක්ෂකයා, වැඩපිළිවෙල හා කණ්ඩායම අපි ඉදිරිපත් කරනවා..ගිය අවස්ථාවෙන් අපේක්ෂකයා ආවේ අන්තිම අවස්ථාවෙදිනේ..මෙවර අපි ප්‍රජාතන්ත්‍රවාදීව අපේක්ෂකයා තෝරගෙන ඉදිරිපත් කරනවා..
සන්ධානය හැදෙන්නේ කොහොමද?
ඒක ප්රජාතන්ත්රවාදී සන්ධානයක්..නායකයෙක් හෝ නායකයෙක්ගේ හිතවත් කල්ලියක් හෝ එක පවුලක් හෝ තීරණ ගන්න එකක් නෙවෙයි..සියළු දෙනා සාමූහිකත්වයෙන් තීරණ ගන්නේ.. ඕනෑම කෙනෙකුට පුළුවන් පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතර කැමැත්ත අරගෙන ඉල්ලන්න..ඒක තමයි අපේ ප්රජාතන්ත්රවාදය..
ලබන 29 කථානායකතුමා වෙනස්වෙනද?
ඒ ගැන අපිටනම් කිසිම දැනුම් දීමක් කරලා නැ..කවුරුන්හෝ වේවා ප්‍රජාතන්ත්‍රවාදීව පත්විය යුතුයි..
සජිත් මහත්තයා ආවොත් ජයග්‍රහණය කරන්න පුළුවන්න?
කවුරු අපේක්ෂකයා විදිහට ආවත් ජයග්‍රහණය කරවන්න කටයුතු කරනවා..ඒ අපේක්ෂකයා තෝරන්නේ, පවුලේ උදෑසන ආහාරවේල අතරතුර නෙවෙයි..නිදන කාමරේදීත් නෙවෙයි..ඒක තෝරන්නේ ඡන්දෙන් පත්වුණ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතර කැමැත්තෙන්..
මහින්ද මහත්තයා කියන්නේ ගෝඨාභය මහත්තයා අනිවාරයෙන්ම ජයග්‍රහණය කරනවා කියලා?
2015 දීත් එතුමා කිව්වනේ කවුරුත් නෑ අපේක්ෂකයෝ..මම ෂැඩෝ බොක්සිං කරන්නේ..පුළුවන්නම් එක්කෙනෙක් එවන්න කියලා.."