එජාප අපේක්ෂකයා අද පස්වරුවේ..ඇමති රංජිත් මද්දුමබණ්ඩාර (විඩියෝ)

සැප් 26, 2019
  • එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා අද පස්වරුවේ ප්‍රකාශයට පත්කරන බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

    අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ජාවක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ. එහිදී, තීරණය වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයාගේ නම කෘත්‍යාධිකාරී මණ්ඩලයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමටයි. ඒ අනූව, අද පස්වරුවේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සිදුකෙරේ.

    විශේෂ සාක්ච්ජාවෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා..

    "කවුරුත් බලාපොරොත්තු වන අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වේවි..වැඩියෙන්ම ජනප්‍රිය ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයා තමයි අපි යෝජනා කරළා තියෙන්නේ..අද සාකච්ජාවේ දී තීරණය වුණේ අපේක්ෂකයාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර එහිදී ඒකමතික අනුමැතිය ලබාගැනීමටයි..කිසිඳු කොන්දේසියක් මෙම සාකච්ජාවේ දී ඉදිරිපත් වුනේ නැහැ..සාමාන්‍යයෙන් ඡන්දයක සිදුවන එකඟතාවන් වලට පැමිණියා..සවසට තීන්දුව ලැබෙයි.."

    Last modified on බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2019 14:36

    Latest News