සුහද ගම්ලත් අද හෙට ඉල්ලා අස් නොවුනොත්, ජනාධිපති ලේකම් පියවරක් ගනී...ඇමති තලතා

ඔක් 02, 2019

    අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති තනතුරින් ඉල්ලා අස් වෙන බව සුහද ගම්ලත් මහතා විසින් ජනාධිපති ලේකම්වරයාට දන්වලා තිබෙන බවත් එසේ ඉල්ලා අස් නොවුණහොත් අවශ්‍ය පියවර ගන්නා බවට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

    නීතිපති දෙපාර්තමේන්තුවේ 18,500කට අධික පැවතියේ ළමා අපචාර සම්බන්ධයෙන් වූ නඩු බවත් මේ වන විට ඉන් 7000ක් පමණ එය අඩුකර ගෙන තිබෙන බව ද අමාත්‍යවරිය පැවසීය. අමාත්‍යවරයි මේ අදහස් පළ කළේ ඊයේ (01) ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්.

     

    ප්‍රශ්නය- ඔබතුමිය දන්නවා සුහද ගමලත් කියන හිටපු සොලිසිටර් ජනරාල්වරයා.එතුමා බරපතල චෝදනාවක් කරනවා. ඔබතුමිය නීතිඥවරියක්. ඔබතුමියට මේ පිළිබඳව අදහසක් තියෙන්න පුළුවන්.මේක බරපතල ලෙස සමාජයේ යනවා.

    පිළිතුර - අනිවාර්යයෙන්ම. සුහද ගමලත් කියන පුද්ගලික මනුස්සයාගේ දේශපාලන මතය පිළිබදව මට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් එතුමා අධිකරණ අමාත්‍යාංශය යටතේ තියෙන අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති හැටියට කටයුතු කරන්නේ. ඒ පත්වීම කළේ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමා. මේ වන කොටත් එතුමා තනතුරේ සභාපති තනතුර දරනවා. පත්වීම කෙරෙන්නේ අතිගරු ජනාධිපතිතුමා විසින්.

    මේ සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සදහා රජයේ නිලධාරීයෙක් රජයේ ආයතනයක සභාපතිත්වයක් විශේෂයෙන්ම අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති හැටියට තමන්ගේ දේශපාලන මතය මොකක් වුණත්. මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා මේ වගේ ප්‍රකාශයක් කරන්න අයිතියක් නැහැ. ඒ අනුව මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා. එතුමා ඊයේ වෙන කොට ජනාධිපති ලේකම්තුමා දැනුවත් කරලා තියෙනවා. එතුමා ඉල්ලා අස් වෙන්න කටයුතු කරනවා කියලා. මේ වන කොට අපි අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. අද වෙන කොට හෙට වෙන කොට ඒ කටයුත්ත කෙරෙන්නේ නැති වුණොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ජනාධිපති ලේකම් විසින් ගන්නවා යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

    Last modified on බදාදා, 02 ඔක්තෝබර් 2019 08:01

    Latest News