තණමල්විල, බලහරුව, හම්බෙගමුව, ඇතිමලේ, සියඹලාණ්ඩුව, අඹකොළආර සහ උණකන්ද යන ප්රදේශවල මෙම ගංජා හේන් වගා කර තිබූ අතර සැකකරුවන් 20ක් පමණ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ගංජා හේන් උස අඩි නවක ආසන්න මට්ටම සරුවට වගා කර තිබූ බව පොලිසිය පවසන්නේ. සැකකරුවන් ප්රදේශයට පැවති දැඩි වියලි කාලගුණය හමුවේ අඩි 100 ගණන් ගැඹුරට ළිං කපා ජලය ලබාගෙන මෙම ගංජා හේන් රක්ෂිත වල වගා කර තිබේ.
සැකකරුවන් සියලුම දෙනා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මෙම මෙහෙයුම් අදාළ පොලිස් බලප්රදේශවල පොලිස් ස්ථාන, කොඨ්ඨාශ දූෂණ මර්දන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ දිසා දූෂණ මර්දන ඒකකය විසින් සිදු කර තිබේ.