ඡන්දෙ දාලා ඡායාරූපේ සමාජ මාධ්‍යට දැම්මොත් වසර 3ක් හිරගෙට - සභාපති මහින්ද

ඔක් 31, 2019

    රාජ්‍ය නිලධාරීන් විසින් තැපැල් ඡන්දය ප්‍රකාශ කර “ෆේස්බුක්“ සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීම නීතිවිරෝධි කාර්යක් බවත් එවැනි ක්‍රියා සිදුකරන අය වසර 3ක සිර දඬුවමක් පිරිනැමිය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    අද(31) රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

    තහනම් කර තිබියදී රජයේ නිලධාරීන් විසින් ඡන්දය ප්‍රකාශ කර පින්තූර ගෙන ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම ඉතාමත් කණගාටුදායක බව ඔහු පෙන්වාදුනී. එලෙස ඡන්දය ප්‍රකාශ කර “ෆේස්බුක්“ සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කරනු ලැබුවේ කවුරුන්ද යන්න සොයා ගනු ලැබුවහොත් ඔහුට අවම වශයෙන් වසර 3ක සිර දඬුවමකට යටත්වේ.

    රාජ්‍ය නිලධාරීන් විසින් ඡන්දය ප්‍රකාශ කර පින්තූර ගෙන සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කළ හොත් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිධාරීවරයාට එරෙහි පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

    Latest News