ශ්‍රී.ල.නි.ප-පොදුජන සන්ධාන ගිවිසුමට අත්සන් තැබේ

ඔක් 31, 2019

    ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සඳහා ගිවිසුම් අත්සන් කිරීම අද සිදු කෙරිණ.

    ඒ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්‍ෂ 17ක් සන්ධානයට අත්සන් තැබීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස යන මහත්වරුන් ඇතුළු පක්‍ෂ නායකයින් මීට එක්වූහ.

    එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා....

    “ඔබ දන්නවා විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ සහය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම ප්‍රාදේශීය සභා, පළාත් සභා මේවගේ සහයත් ඉතාමත්ම වැදගත්. මේ අවශ්‍ය ශක්තිය අපිට ලබාගැනීම සඳහා තමයි අපි එක සන්ධානයක් හැටියට ඉදිරියේදී සිදුවන සියලුම මැතිවරණවලදී ජනතාවට මුහුණ දෙන්නට අපි මේ සන්ධානය ඇති කරගෙන තියෙන්නේ. මේ හරහා අපිට ශක්තිමත් සෑම ප්‍රාදේශීය සභාවල, පළාත් සභාවේ ඒවගේම පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් රජයක් බිහිකරන්නට අපිට මේ හරහා පුලුවන් වෙනවා. අපි ඉදිරිපත් කරලා තියෙන සියලු දෙනාගේම එකඟත්වය මත ඉදිරිපත් කරලා තියෙන ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා අපට මේ ශක්තිය අවශ්‍යයි. ඒ නිසා අපි ඔබ සැමගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. මොන මොන වෙනස්කම් අප පක්‍ෂ තුළ තිබුණත් අපි එකතුවෙලා තියෙන්නේ එක අරමුණක් වෙනුවෙන්. ඒ අරමුණ ඉටු කර ගැනීමට අපි සියලු දෙනාම එක්ව මේ ජනාධිපතිවරණය ජයගන්නට වැඩ කරමුයි කරන ඉල්ලීම මම කරනවා“ යැයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 31 ඔක්තෝබර් 2019 20:09

    Latest News