කුරුණෑගල ජන හමුවට පැමිණි සජිත්ගේ ජිවිතයට හානියක් කිරීමේ උත්සාහයක් පිළිබඳ සැකයක්; තිස්ස අත්තනායක

ඔක් 31, 2019

    සජිත් ප්‍රේමදාස මහතා ඊයේ ගුවන් මගින් කුරුණෑගල ජන හමුවකට සහභාගිවීමට පැමිණියේය.

    එම අවස්ථාවේදී වෙලෙගෙදර ක්‍රීඩාංගණයට හෙලිකොප්ටර් යානයට ගොඩබෑමට නොහැකි වන ලෙස කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකර ඇතැයි, කොළඹ අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ කෙරිණ.

    තිස්ස අත්තනායක මහතා...

    “ඊයේ දඹුල්ලේ සිට කොළඹ යන අතරතුර යානය ගොඩබාන්න තිබූ සංඥා පද්ධතිය විදුලි පද්ධතිය එහෙම පිටින්ම අක්‍රීය කරලා තිබුණා. එය කඩාකප්පල්කාරී ක්‍රියාවක්. සජිත් ප්‍රේමදාස මහතා හෙලිකොප්ටර් යානයකින් කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයට එන බව. ඒ සඳහා අවශ්‍ය ආරක්‍ෂක විධිවිධාන ඒ වගේම සංඥා පද්ධති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විදුලිය සූදානම් කිරිම බලධාරීන්ගේ වගකීමක්. ජනාධිපතිවරණයක් අවස්ථාවක සියලු අපේක්‍ෂකයන්ට ලැබෙන සම අවස්ථාව සජිත් ප්‍රේමදාස මහතාට ලැබිය යුතුව තිබෙනවා. හොලිකොප්ටරය ගොඩබාන්න කිසිවක් සිදුවෙලා තිබුණේ නැහැ. ගුවන් යාන අනතුරුදායක තත්වය මත ගොඩබාන්න උත්සාහ කළානම් ඇතිවන අනතුරුදායක තත්වය අපේක්‍ෂකයගේ ජිවිතයටත් හානියක් වෙන්න ඉඩ තිබුණා. මේ ගැන වහාම පරීක්‍ෂණයක් පවත්වලා රටටත් අපටත් මොනවද වුණේ කියලා දැනගන්නට සලස්වන්න“ යැයි තිස්ස අත්තනායක මහතා පැවසීය.


    නීතිඥ නවින් හෙට්ටිඅඳුරගේ මහතා...

    මේක හිතාමතාම කරපු බවට තමයි අපට තොරතුරු හෙළි වෙලා තියෙන්නේ. ප්‍රතිවාදී අපේක්‍ෂකයා සජිත් ප්‍රේමදාස මහතාගේ ජනප්‍රියත්වය දින දින ඉහළයාම නිසා භීතියට පත්ව කෙසේ හෝ ජයග්‍රහණය ලබාගැනිමේ අරමුණින් කටයුතු කරන බවයි අපට පෙනී යන්නේ. මේකට සම්බන්ධ බවට ඒ ප්‍රදේශයේ නගරාධිපතිවරයෙක්. දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලඥයෙක්. සියලු දෙනා සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් කරන්න කියලා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කළා“ යැයි හෙට්ටිඅඳුරගේ මහතා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 31 ඔක්තෝබර් 2019 20:47

    Latest News