නාවික සංග්‍රාමික ජාත්‍යන්තර නීතියේ වැදගත්කම අවධානයට

නොවැ 19, 2019

    ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව සංවිධානය කරනු ලබන 06 වන ආසියා - පැසිෆික් සම්මන්ත්‍රණය 2019, අද (19) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රදානත්වයෙන් කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ කෙරිණ.

    “නාවික සංග්‍රාමික කටයුතු වලට අදාල නීතිය” යෙන් නාවික සංග්‍රාමික තත්වයක් තුල ඇති වන සංකීර්ණ අභියෝග මෙන්ම සාගරය ආශ්‍රීත මානුෂිය ක්‍රියාකාරකම් පිළිබඳව ද අවධානය යොමු කිරීම නියමිතයි.

    නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා නාවික සංග්‍රාමික කටයුතුවලදි ජාත්‍යන්තර නීති වල ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය යොමු කළේය. එහි මුලිකාංග ලෙස සැලකෙන හමුදා අවශ්‍යතාවය, වෙනස්කම්, සීමාවන්, සමානුපාතිකත්වය සහ මානුෂිය බව යන කරුණු පිලිබඳව පැහැදිලි කිරීමක් ද එහිදි සිදුකෙරිණ. එසේම, මෙවැනි පසුබිමක් තුල නාවික නිලධාරින්ට පැවරෙන කාර්යභාර්ය පිලිබඳව අවධානය යොමු කෙරිණ. නාවිකයින් අවබෝධය, දැනුම, අවධානය, ඒකාග්‍රතාවය වර්ධනය කරගත යුතු බවත්, යුද නීතින්ට ගරුකරන අතරම නීතිමය ප්‍රතිපාදන වලට අවනතවිමේ වැදගත්කම පිලිබඳව ඔහු මෙහිදි අවධාරණය කළේය.

    මෙවර සම්මන්ත්‍රණය සඳහා බංගලාදේශය, කාම්බෝජය, චීනය, ෆිජී, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, මැලේසියාව, මාලදිවයින, මියන්මාරය, නවසීලන්තය, පිලිපීනය, කොරියාව, සිංගප්පූරුව, තායිලන්තය, නැගෙනහිර ටිමෝරය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික නිලධාරින් 26 දෙනෙකු පමණ සහභාගිවී සිටි.

    Last modified on අඟහරුවාදා, 19 නොවැම්බර් 2019 19:28

    Latest News