මහා භාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරය එස්. ආර්. ආටිගල මහතාට

නොවැ 19, 2019

    මුදල් අමාත්‍යංශයේ සහ මහා භාණ්ඩාගාරයේ නව ලේකම්වරයා ලෙස එස්.ආර්. ආටිගල මහතා පත්කර තිබේ.

    මෙරට ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු වන ඔහු මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස ද කටයුතු කර ඇත. ආටිගල මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ උපාධිධරයෙක්.

    බ්‍රිතාන්‍යයේ වොවික් විශ්වවිද්‍යාලයෙන් ප්‍රමාණාත්මක සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි හිමිකර ගෙන තිබේ. මීට අමතරව එස්.ආර්. ආටිගල මහතා මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය ව්‍යවසාය අංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළේය.

    Last modified on අඟහරුවාදා, 19 නොවැම්බර් 2019 19:23

    Latest News