ජනපති ගෝඨාභය සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

නොවැ 19, 2019

    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා කඩිනම් චාරිකාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය.

    ඒ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ පණිවුඩයක් සමඟින්. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මීට සුළු වේලාවකට පෙර දිවයිනට පැමිණි බව, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය තහවුරු කළේය. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මුණගැසී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ පණිවුඩය බාරදීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 19 නොවැම්බර් 2019 20:19

    Latest News