අපේක්‍ෂකයින් 33කගේ ඇප මුදල් අහෝසියි (වීඩියෝ)

නොවැ 19, 2019

    ජනාධිපතිවරණයට නාම යෝජනා බාරදුන් අපේක්‍ෂකයින් 33 දෙනෙකුගේ ඇප මුදල් අහෝසි වී ඇතැයි, මැතිවරණ කොමිසම පවසයි.

    12.5ක ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගත් සියලු දෙනාගේ මුදල් මහා භාණ්ඩාගාරය වෙත බැර කෙරේ. දේශපාලන පක්‍ෂයකින් ඉදිරිපත් වන අපේක්‍ෂකයෙකු සඳහා රුපියල් 50,000ක ඇප මුදලක් ද ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වන අපේක්‍ෂකයෙකු නම්, රුපියල් 75,000ක මුදලක් ද වශයෙන් ඇප තැන්පත් කළ යුතුය. මෙවර ජනාධිපතිවරණයේ දී ඇප මුදල් තැන්පත් කළ පිරිස 41 දෙනෙක්. ඉන් නාම යෝජනා බාරදෙනු ලැබුවේ, 35 දෙනෙකු පමණි. මැතිවරණ කොමිසන් සභාව පවසන්නේ, නාම යෝජනා බාර නොදුන් හය දෙනාගේ ඇප මුදල් ද මහා භාණ්ඩාගාරය වෙත බැර කරන බවයි. ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කර නාම යෝජනා බාර නොදෙන අපේක්‍ෂකයන්ගේ මුදල් සම්බන්ධව මැතිවරණ පනතේ සඳහන් වීමක් නොමැති වුව ද, එම මුදල් ද මහා භාණ්ඩාගාරය වෙත බැර කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත.

    Last modified on අඟහරුවාදා, 19 නොවැම්බර් 2019 20:03

    Latest News