ඔවුන් අද වව්නියාව මහේස්ත්රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ, යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනූවයි. නිධන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැනීම් සිදුකරන්නට ඇති බව පොලීසිය පවසයි. ඒ සඳහා යොදාගත් උපකරණ රැසක් ද පොලිස් බාරයට ගැනිණ. සැකකරුවන් අවුරුදු 28ත් 56ත් අතර පසුවන අතර ඔවුන් වව්නියාව හා නැදුන්කේනි ප්රදේශවල පදිංචිකරුවන්.