අපොස සා‍.පෙළ විභාගය ඇරඹේ

දෙසැ 03, 2018

    අපොස සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4661 දී අද ආරම්භ වෙයි.

    එය ලබන 12 වැනිදා දක්වා පැවැත්වෙයි. මෙවර විභාගයට පාසැල් අයඳුම්කරුවන් හාර ලක්ෂ විසි දෙදහස් 850ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් දෙලක්ෂ තිස්තුන්දහස් 791ක් පෙනී සිටියි. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා අපේක්ෂකයන්ට දැනුම් දෙන්නේ, කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙසයි.

    විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාක්මකයි.විභාගය සඳහා සම්බන්ධීකරන මධ්‍යස්ථාන 541ක් ක්‍රියාත්මක අතර, රත්මලාන, තංගල්ල, මාතර, හලාවත, කොළඹ, මැගසින් බන්ධනාගාරය මෙන්ම අපේක්ෂා රෝහලේ ද විශේෂ විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    Last modified on සදුදා, 03 දෙසැම්බර් 2018 07:57

    Latest News