ඒ සූරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින්. අදාළ ප්‍රදේශයට නීති විරෝධීව ගෙනවිත් තිබූ මෙම අපද්‍රව්‍ය ගිනි තැබීම පිළිබඳව ලද තොරතුරකට අනූව, සෞඛ්‍ය නිලධාරීන් සූරියවැව හබරත්තව ප්‍රදේශයේ නිවැසියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගිනි තැබූ අපද්‍රව්‍ය තොගයට අමතරව නිවසේ තිබූ තවත් අපද්‍රව්‍ය තොගයක් ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සොයා ගැනිණ. නිසි ප්‍රමිතියකින් තොරව පිලිස්සීම් කළ පුද්ගලයා හට නීතිමය ක්‍රියා මාර්ග ගත් බවයි, සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසන්නේ.