නේවි සම්පත් 19 දක්වා රිමාන්ඩ්

දෙසැ 05, 2018
    නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි (නේවි සම්පත්) යන සැකකරු ලබන 19 වැනිදා දක්වා  යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද  නියෝග කළේය.
     
    සිද්ධියට අදාළව සිදු කළ විමර්ශන වලට අනුව අතුරුදහන් වූ පුද්ගලයන් ලබා දුන් තොරතුරු වලට අනුව සිදු කළ විමර්ශන වලදී අන්නච්චි යන අය විසින් කප්පම් ලබා ගැනීමට අදාළ දුරකතන විමර්ශන සිදු කළ බවත් අදාළ දුරකතන වල විස්තර ඩයලොග් ආයතනයෙන් ඉල්ලා ඇති බවත් අධිකරණයට කී රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා එම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් අධිකරණයට කියා සිටියේය.
     
    සිද්ධියට අදාළව විමර්ශන පවත්වා අධිකරණයට වාර්තා කරන තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස රහස් පොලිසිය අධිකරණයයෙන් ඉල්ලා සිටියේය.
     
    බන්ධනාගාරය විසින් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා  හිටපු  මාධ්‍ය ප්‍රකාශක  ඩී.කේ.පී දසනායක  මහතා ඇතුළු  සැකකාර  නාවික හමුදා  නිලධාරීහු 11 දෙනකු  ඇප ලබා සිටි.
     
    කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලින්  පුද්ගලයින් 11 දෙනකු අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  10 වැනි සැකකරු ලෙස නාවික හමුදා ලුතිතන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටි ආරච්චි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
    Last modified on බදාදා, 05 දෙසැම්බර් 2018 13:40

    Latest News