බගවන්තලාවේ බඹර කුඩුවක් ඇවිස්සි 5ක් රෝහලේ

දෙසැ 24, 2019

    වතු නිවාස පේලියක බැඳ තිබු බඹර කුඩුවක් ඇවිස්සි පස් දෙනෙකු රෝහල් ගත කෙරේ.

    බඹරුන් පහර දිමෙන් තුවාල ලැබු පස් දෙනා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත (24) දින ඇතුලත් කර ඇත.

    බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් තේ වත්තේ මැද කොටසේ වතු නිවාස පේලියක වහල මත බැද තිබු බඹර කුඩුවක බඹරුන් පස්වරු 1 ට පමණ ඇවිස්සි වතු නිවාස පේලියේ එලිමහනේ සිටි කාන්තාවන් තිදෙනෙකුට, පාසල් සිසුවෙක් සහ වතු කම්කරුවෙකුට පහර දි ඇති බවයි එම වතු යායේ පාලන අධිකාරිය කියා සිටියේ.

    බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කළ කාන්තාවකගේ තත්ත්වය බරපතල බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.

    Latest News