ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දුෂ්කර කාලසීමාව පසු කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල පූර්ණ සහය ලබා දෙන බව එහි කළමණාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ‍ජෝර්ජිවා මහත්මිය පවසනවා.

අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාවට සහය වීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල සූදානම් බව, එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ජෝර්ජිවා මහත්මිය පවසනවා. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සංවාද මණ්ඩපයක අදහස් දක්වමින් ඇය ඊයේ මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකාවට, අයි එම් එෆ් ආයතනයෙන් ලැබුණු සහයෝගයට සමගාමීව, ජපාන පාර්ලිමේන්තුවෙන් අවශ්‍ය සහය ද ලබා දෙන බව, එරට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වන ෂුන් සුකේ මුටායි මහතා පවසනවා.

“අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම සහ ශ්‍රී ලංකාවේ අනාගතය” මැයෙන් විශේෂ සංවාදයක් කොළඹදී පැවැත්වෙනවා.

අයි එම් එෆ් ණය මුදලේ පළමු වාරිකය, ණය ස්ථායිකරණය සඳහා ප්‍රමුඛ වශයෙන් යොදා ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අන්තර් ජාතික මූල්‍ය අරමුදලින් මෙරටට ලැබුණු මූල්‍ය පහසුකම ගෙවුම් ශේෂ පියවීම සඳහා පමණක් නොව, රජය සාමාන්‍ය වියදම් සඳහා ද භාවිතයට ඉඩ ඇති බව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ජාත්යන්තර මූල්ය අරමුදලේ එකඟතා ගිවිසුම අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි

ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ මූල්‍ය පහසුකමේ පළමු වාරිකය වන ඩොලර් මිලියන 330 ක්, ඉදිරි දින දෙක තුළ පිරිනැමෙන බව, අන්තර් ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ  කරනවා.

ශ්‍රී ලංකාවට විස්තීරණ මූල්‍ය පහසුකම ලබා දෙමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම
හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය මෙන්ම, දූෂණ පිටුදැකීමේ ක්‍රියාවලිය පිළිබඳ නිර්දේශය ද ඊට ඇතුළත් වනවා.  

ශ්‍රී ලංකාවට අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ විස්තීරණ පහසුකම් ලබා ගැනීම සඳහා සහය දුන් අන්තර් ජාතික සහ සෙසු හවුල්කරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘතඥතාව පළ කරනවා.

Latest News