රටේ පවතින සෞඛ්‍ය අවධානම් තත්වය සැලකිල්ලට ගෙන තම නිවසේ සිට ආදරණීයන් සමග වෙසක් සැමරීම, සිල් සමාදන් වීම,පහන් ආලෝක පූජා පැවැත්වීම ඇතුළු ආගමික වතාවත්වල නිරතවන අතර වෙසක් සැරසිලි හා නිර්මාණ සඳහා මූලිකත්වය දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අත්‍යාවශ්‍ය සේවාවන් සදහා ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තානාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් අද දින (16) අරලිය ගහ මන්දිරයේදී පැවැත්විය.

රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමග කරන සාකච්ජාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

ඇඳිරි නීති සමය තුළ ඇඳිරි නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බවත් එසේ වුව ද එලවලු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනින් වෙළෙඳපොළ ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සඳහා අවශ්‍ය අවසර ලබා දෙන ලෙස ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත අද (28) උපදෙස් ලබා දුන්නේය.

ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ  හිඟයකින් තොරව වෙළෙඳපොළ වෙත මුදාහැරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා වෙත  දුරකථනය  ඔස්සේ උපදෙස් ලබාදී තිබේ.

බදුල්ල, හාලිඇල ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල ගැටළුවට විසඳුමක් ලෙස ඇරඹූ ඇටම්පිටිය ජල සම්පාදන ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ විවෘත කෙරිණ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම අද (05) දිනයේ සිදුකිරීමට නියමිතයි. ඒ සඳහා අද දිනයේ පස්වරු 1.00 සිට පස්වරු 1.30 දක්වා කාලය වෙන් කර ඇත.

නිදහස ලබා ගැනීමත් ඒ නිදහස රැක ගැනීමත් යනු වෙන්වෙන්ව ගත යුතු කරුණු දෙකක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නිවුන්නු සේ ජීවත්වන ශ්‍රී ලාංකික ජාතියක් දැකීම තමාගේ ප්‍රාර්ථනාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

දැන් විසි එක්වෙනි ශතවර්ෂයේ තුන්වෙනි දශකයට පාතබන්නට සූදානම් වන අතරම එළඹෙන දශකයේ තේමාව වන්නේ ශ්‍රීලංකාව ස්වෛරී, අභිමානවත්, සෞභාග්‍යමත් රටක් හැටියට ගොඩ නැගීම බව,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.  මේ සියල්ලටම අඩිතාලම සපයන්නෙ රට රකින ත්‍රිවිධ හමුදාව බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Latest News