LPL තරගයෙන් දිල්ලි කැපිටල්ස්ට කඩුලු 6ක ජයක්

අප්‍රේ 19, 2021

    ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජය ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්විය.

    තරගය පැවැත්වුණේ මුම්බායිහිදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 195ක් රැස් කළේය. මයානික් අගර්වාල් ලකුණු 69යි. ලෝකේෂ් රාහුල් ලකුණු 61ක් රැස් කළේය.

    පිළිතුරු ලෙස දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 18යි, පන්දු 2ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 198ක් රැස් කරමින්. ශිකර් දවාන් පන්දු 49කදී ලකුණු 92ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට 4 පහර 13ක් සහ 6 පහර දෙකක් ඇතුළත්.

    තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායටම කඩුලු 6ක ජයක් හිමිවිය.

    Latest News