ශ්‍රී ලංකා-බංගලාදේශ පළමු ටෙස්ට් තරගය හෙට (21) පල්ලෙකැලේ දී; සජීව විකාශය අයි නාලිකාවෙන්...

අප්‍රේ 20, 2021

    ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (21) පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ.

    එය හෙට උදේ 9.00 සිට රූපවාහිනී අයි නාලිකාව ඔස්සේ සජීව ලෙස නැරඹිය හැක. තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහබාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩකයින් අද නිවේදනය කෙරිණ.

    18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ දිමුත් කරුණාරත්නටයි. ලහිරු තිරිමාන්න, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, සුරංග ලක්මාල්, වනිඳු හසරංග, විශ්ව ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, පැතුම් නිශ්ශංක, දිල්ශාන් මධුශංක සහ ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායමට ඇතුළත් සෙසු ක්‍රීඩකයින්.

    ප්‍රවීන් ජයවික්‍රම සහ දිල්ශාන් මධුශංක ජාතික කණ්ඩායමට කැඳවනු ලැබූ පළමු අවස්ථාව මෙයයි. ප්‍රවීන් වමතින් දඟපන්දු යවන ක්‍රීඩකයෙකු වන අතර දිල්ශාන් වමත් වේගපන්දු යවන්නෙක්.

    Latest News