නායක දිමුත්ගෙන් ද්විත්ව ශතකයක්....

අප්‍රේ 24, 2021

    ශ්‍රී ලංකා-බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය වාර්තා රැසක් සමඟින් අද නිමා විය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න තම පළමු ටෙස්ට් ද්විත්ව ශතකය අද (24) වාර්තා කිරීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස් ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. සිව්වන දිනය සඳහා තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 03ක් දැවී ලකුණු 229ක් ලබා සිටියේය.

    දිමුත් කරුණාරත්න මෙහිදී තම පළමු ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කළ අතර, පල්ලේකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයකදී රැස් කෙරුණු පළමු ද්විත්ව ශතකය ද මෙයයි.

    දිමුත් සහ ධනංජය ද සිල්වා අද දිනය නිමාවන විට සිව්වන කඩුල්ල සඳහා ලකුණු 322ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැඟීමට සමත්වූහ. අද දිනය සඳහා තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 512ක් රැස් කරගෙන සිටියේය.

    නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 234ක් ලබා සිටි අතර, ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 154යි. බංග්ලාදේශය තම පළමු ඉනිමට කඩුලු 07ක් දැවී ලකුණු 541ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවනු ලැබීය.

    තරගයේ අවසන් දිනය හෙටයි. එය රූපවාහිනී අයි නාලිකාව ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ.

    Latest News