IPL ඊයේ ජය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට

අප්‍රේ 25, 2021

    IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ජය වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්විය.

    ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. තරගය පැවැත්වුණේ මුම්බායි හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 133ක් රැස් කළේය.

    රාහුල් ත්‍රිපති ලකුණු 36යි. දිනේෂ් කාර්තික් ලකුණු 25ක් සහ නිතීෂ් රානා ලකුණු 22ක් රැස් කළේය. පන්දු යැවීමේදී ක්‍රිස් මොරිස් පන්දුවාර 4කදී ලකුණු 23කට කඩුලු 4ක් බිඳ හෙළීය.
    පිළිතුරු ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් දැවී තිබියදී ලකුණු 134ක් රැස් කරමින් ජයග්‍රාහී සීමාව පසු කළේය.

    වැඩිම ලකුණු ලාභියා වූ සංජු සැම්සන් නොදැවී ලකුණු 42යි. ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 44ක් රැස් කළේය. ඒ අනුව තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ජයගත්තේ කඩුලු 6කින්.

    Latest News