අළු බඳුනට ඉව අල්ලන කැංගරුවෝ

ජූනි 21, 2023

    ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගයෙන්, කඩුලු 2 ක තියුණු ජයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා.

    එංගලන්තය සිය පළමු ඉනිමට ලකුණු 393 ක් සහ දෙවන ඉනිමට ලකුණු 273 ක් රැස් කළා. ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 386 ක් රැස් කළ අතර ජයග්‍රහණය සඳහා ලකුණු 281 ක ඉලක්කයක් හිමිවුණා.

    තරගය අවසානයේ ඔස්ට්‍රේලියා ක්‍රීඩකයන් කඩුලු දෙකක් අතැතිව ජය හිමිකර ගැනීමට සමත් වුණා. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් උස්මන් කවාජා, ලකුණු 65 යි. පන්දු යැවීමේදී ස්ටුවට් බෝඩ් කඩුලු 3 ක් බිඳහෙලුවා.

    ඒ අනුව තරග 5 කින් සමන්විත අළු බඳුන ක්‍රිකට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටිනවා.

    Latest News