සිංහ ධේනුවන්ට සුපිරි ජයක්

ජූනි 21, 2024
    සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලිය, තරග 3 ට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්රීා ලංකා කණ්ඩායම සමත් වුණා.
    ඒ, අද පැවති තුන්වැනි තරගය ද ලකුණු 161 කින් ජය ගනිමින්. තරගය පැවැත්වුණේ, හම්බන්තොට, සූරියවැව ජාත්ය න්තර ක්රි කට් ක්රීදඩාංගනයේදී.
    පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම, පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 275 ක් රැස් කළා.
    චමරි අතපත්තු ලකුණු 91 ක් ලබා ගත්තා. ඇයගේ ඉනිමට 6 පහර දෙකක් සහ 4 පහර 10 ක් ඇතුළත්.
    නිලක්ෂිකා සිල්වා ලකුණු 63 ක් ලබා ගත්තා. අනුෂ්කා සංජීවනී ලකුණු 53 ක් සහ විශ්මි ගුණරත්න ලකුණු 44 ක් රැස් කළා.
    පිළිතුරු ඉනිම ක්රී ඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වූයේ, පන්දුවාර 34 යි පන්දු 5 ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 115 ක් පමණයි.
    පන්දු යැවීමේදී සචිනි නිසංසලා ලකුණු 28 කට කඩුලු 5 ක් බිඳ හෙලුවා.
    තරගයේ දක්ෂතම ක්රීේඩිකාව ලෙස සචිනි නිසංසලා සම්මාන දිනා ගත් අතර, තරගාවලියේ දක්ෂතම ක්රීකඩිකාව විශ්මි ගුණරත්න. කණ්ඩායම් ද්විත්වය අතර මීළඟ පළමු 20-20 තරගය ලබන 24 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    Latest News