රංගන හේරත්ට අලුත් වගකීමක්

සැප් 06, 2024
    එළැඹෙන ඇෆ්ගනිස්තාන සහ ශ්රී ලංකා ටෙස්ට් තරග සඳහා නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස හිටපු ශ්රී ලංකා ක්රීඩක රංගන හේරත් නම්කර තිබෙනවා.

    නවසීලන්ත ටෙස්ට් ක්රිකට් කණ්ඩායම ඉදිරි මාස දෙකේදී ආසියාවේදී ටෙස්ට් තරග 6කට සහභාගී වීමට නියමිතයි.

    ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග ඉන්දියාවේදී එක් ටෙස්ට් තරගයක් පැවැත්වෙන අතර ශ්රී ලංකා කණ්ඩායම සමග ශ්රී ලංකාවේදී ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට නියමිතයි. එම ටෙස්ට් තරග සඳහා රංගන හේරත් ගේ සේවය නවසීලන්ත කණ්ඩායමට හිමිවනවා.
     
    ශ්රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93කට ක්රීඩාකර ඇති රංගන හේරත් එහිදී දවා ගෙන ආති කඩුලු සංඛ්යාව 433ක්.

    Latest News