2019 ලෝක කුසලානය - ශ්‍රි ලංකා ප්‍රථම තරගයට නායක දිමුත්ට සංගාගෙන් රහසක්

ජූනි 01, 2019
  • 2019 ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට සති 3කට පෙර එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම තරගයට අද මුහුණ දෙනු ලබන්නේ නවසිලන්ත කණ්ඩායමට එරෙහිවයි.

    අද (01) තරගය මෙවර ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි තරගයයි. එය එංගලන්තයේ කාඩිෆ්හි සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

    ශ්‍රී ලංකාව එංගලන්තයේ ගතකළ පසුගිය සති 3ක කාලය තුල ස්කොඩ්ලන්තය සමග එක්දින තරග 2කට සහ ලෝක කුසලාන පුහුණු තරග 2කට මුහුණ දුනි. එයින් ස්කොඩ්ලන්තය සමග පැවති තරග 2න් එක් තරගයක් ජයගත් අතර ලෝක කුසලාන පුහුණු තරග 2න්ම පරාජයට පත්විය.

    මෙම තරග කිහිපයේ දීම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි අතර එයින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය ශක්තිමත් කිරීමට හැකිවිය. එසේ වුවද, ඉදිරි පෙළ ක්‍රීඩකයින් හා මැදපෙළ ක්‍රීඩකයින් විශ්වාසනීය අන්දමින් කඩුල්ලේ රැඳී නොසිටීමෙන් ප්‍රතිවාදී කණ්ඩායම් ලබාදුන් ලකුණු ඉලක්කයන් හඹා යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි විය. දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවට ඇතුලත්වන නිත්‍ය ක්‍රීඩකයින් වේ ක්‍රීඩා කරයි.

    ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාල සිමාවේදී සහභාගී වූ තරග 51කින් 45ක් පරාජය වී සිටිය ද අවශ්‍ය අවස්ථාවක දී ලකුණු අතරට පිවිස කණ්ඩායම ජයග්‍රහණය කරවීමට හැකි ක්‍රීඩකයින් කණ්ඩායම සතුවේ.

    "ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම පිටත්වීමට පෙර අර්ජුන රණතුංග, අරවින්ද සිල්වා වැනි ‍ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් වටිනා උපදෙස් කිහිපයක් ලැබුණා..ඒ වගේම, සංගක්කාර ලෝක කුසලානයට මුහුණ දුන් අන්දමත් කණ්ඩායම මෙහෙයවූ අන්දම පිළිබඳවත් පැහැදිලි කළා..එය මම හිතනවා නායකයෙකු ලෙස මෙවර තරගාවලියට මුහුණ දීමේ දී බෙහෙවින් උපකාරීවන බව..කණ්ඩායමක් හැටියට අපි හිතන්නේ, අද තරගය ගැන..පුහුණු හෝ පසුගිය තරග අද වන විට සිතීමේ අවශ්‍යතාවත් නොමැති බව“ නායක දිමුත් කරුණාරත්න කියා සිටියි.

    පසුගිය ලෝක කුසලාන 4ක් ක්‍රීඩාකළ හා ජාත්‍යන්තර තරග අත්දැකීම් ඇති ලසිත් මාලිංග අද තරගයේ දී ක්‍රීඩාකර ප්‍රතිවාදී කණ්ඩායමට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවට ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙයි.

    Sri Lanka (possible): 1 Dimuth Karunaratne (capt), 2 Lahiru Thirimanne, 3 Kusal Mendis (wk), 4 Kusal Perera, 5 Angelo Mathews, 6 Dhananjaya de Silva, 7 Thisara Perera, 8 Jeevan Mendis, 9 Isuru Udana, 10 Lasith Malinga, 11 Nuwan Pradeep/Suranga Lakmal

    නවසීලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් කිහිපය අතරින් එකකි. නවසීලන්ත නායක කේන් විලියම්සන්, මාර්ටින් ගප්ටිල්,රොස් ටේලර් නවසීලන්ත කණ්ඩායමේ පළපුරුඳු ක්‍රීඩකයින් වෙයි. ඔවුන් අද තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව සිය අත්දැකීම් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් යොදාගනු ඇති.

    New Zealand (possible): 1 Martin Guptill, 2 Henry Nicholls/Colin Munro, 3 Kane Williamson (capt), 4 Ross Taylor, 5 Tom Latham (wk), 6 James Neesham, 7 Colin de Grandhomme, 8 Mitchell Santner/Ish Sodhi, 9 Lockie Ferguson, 10 Trent Boult, 11 Matt Henry

     

    Last modified on සෙනසුරාදා, 01 ජූනි 2019 13:03

    Latest News