කාසියේ වාසිය දිනූ නවසීලන්තය, ශ්‍රී ලංකාවට ප්‍රථමයෙන් පහරදීමට ආරාධනා කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ ලහිරු තිරිමාන්න සහ දිමුත් කරුණාරත්නට ආරම්භ කඩුල්ල වෙනුවෙන් සාර්ථක ලකුණු සම්බන්ධතාවක් ගොඩනැගීමටනොහැකි විය. ලහිරු තිරිමාන්න ලකුණු 4ක් ලබා සිටියදී ප්‍රථම කඩුල්ල ලෙස දැවී ගියේය. ඉන් පසු පිටියට පිවිසි කුසල් ජනිත් නායක දිමුත් සමඟ එක්ව ශ්‍රී ලංකා ඉනිම ගොඩනැංවීමට උත්සාහ කළ ද ලකුණු 29ක් ලබා සිටියදී කුසල් ජනිත් උඩ පන්දුවක් ලබාදී දැවී යාමෙන් ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ විය. නායක දිමුත් කරුණාරත්න හුදකලා සටනක නිරත වෙමින් ශ්‍රී ලංකා ඉනිම අවසන් වනතුරු කඩුල්ලේ රැඳී සිටියේය. අද දිනයේ දිමුත් කරුණාරත්නට හැර කිසිදු ක්‍රීඩකයෙකුට සාර්ථක වීමට නොහැකිවීම හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 136කට සීමා වුයේ පන්දුවාර 29යි පන්දු 02කදී දැවී යාමෙන්.
ලකුණු 137ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමේ අරමුණෙන් පිටියට පිවිසි නවසීලන්ත ආරම්භක පිතිකරුවන් යුගලය වන මාටිං ගප්ටිල් සහ කොලින් මුන්රෝ නවසීලන්ත කණ්ඩායමට විශිෂ්ට ජයක් අත්කර දෙනු ලැබිණ. ආරම්භ පිතිකරුවන් වූ මාටිං ගප්ටිල් නොදැවී ලකුණු 73ක් ද, කොලින් මුන්රෝ නොදැවී ලකුණු 57ක් ද ලබාගැනීමට සමත්වූහ. ඒ අනුව නවසීලන්තය ජයග්‍රහණය සඳහා වු ලකුණු 137 පන්දුවාර 16යි එක් පන්දුවකට මුහුණ දෙමින් වාර්තා කිරීමට සමත්විය.