තියුණු සටනකින් පසු පකිස්ථානයට විශිෂ්ඨ ජයක්

ජූනි 04, 2019

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ(03) පැවති එංගලන්තය සහ පකිස්ථානය අතර තරගයෙන් පකිස්ථානය තියුණු ජයක් වාර්තා කර තිබේ.

    2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6වන තරගය ලෙසින් සත්කාරක එංගලන්තය සහ පකිස්ථානය අතර තරගය ඊයේ ට්‍රෙන්ට් බ්‍රිජ් හිදී පැවැත් විණි.

    පළමුව කාසියේ වාසිය දිනූ එංගන්තය පළමුවෙන් පහරදීමට පකිස්ථානයට ආරාධනා කළ අතර ඔවුන් පන්දු වාර 50 අවසානයේදී කඩුලු 8කට ලකුණු 348ක් ලබා ගැනීමට සමත් විය. එහිදී පකිස්ථානය වෙනුවෙන් මොහොමඩ් හෆීස් ලකුණු 84ක් රැස් කළ අතර බාබර් අසාම් ලකුණු 63ක් ද සර්ෆාස් අහමඩ් ලකුනු 55ක් රැස් කළහ.

    ලකුනු 349ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයින් අතරින් ජෝ රූට් සහ ජෝෂ් බට්ලර් ශතක රැස් කිරීමට සමත් වුවද ආක්‍රමණශීලි පකිස්ථාන පන්දු යවන්නන් හමුවේ එය ප්‍රමාණවත් නොවිණි.

    ඒ අනුව පන්දුවාර 50 තුළ එංගලන්නයට රැස්කර ගැනීමට හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 334ක් පමණි. තියුණු මුහුණුවරක් ගත් මෙම තරගය ලකුණු 14කින් විශිෂ්ඨ ලෙස ජයගැනීමට පකිස්ථානය සමත් විය. වහබ් රියාස් කඩුලු 3ක් බිඳ දැමූ අතර ශධාබ් ඛාන් සහ මොහොමඩ් අමීර් කඩුලු 2ක බැගින් බිඳ හෙළුහ.

    මේ අනුව බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවති පළමු තරගයෙන් පසු නැවත ජයග්‍රාහී ලෙස තරගාවලියට අවතීර්ණ වීමට ප්‍රබල පකිස්ථානු කණ්ඩායම සමත් ව තිබේ.

    Latest News