ජෝර්ජියාවට එරෙහිව තරගයෙන් වේල්ස්යට ජය

සැප් 23, 2019

    ලෝක කුසලාන රග්බි තරගාවලියේ ජෝර්ජියාවට එරෙහිව අද පැවති තරගයෙන් වේල්ස් කණ්ඩායම ජය වාර්තා කළා.

    තරගාවලිය පැවැත්වෙන්නේ ජපානයේදී. ජෝර්ජියා සහ වේල්ස් කණ්ඩායම් අතර තරගය “බී“ කාණ්ඩයෙන් පැවැත්වුණා. වේල්ස් කණ්ඩායම ලෝක රග්බි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව සිව්වන ස්ථානයේ පසුවන අතර ජෝර්ජියාවට 12 වැනි ස්ථානය හිමියි. අද තරගය ආරම්භයේ සිටම පෙරමුණ ගත් වේල්ස් කණ්ඩායම පළමු අර්ධයේදී ලකුණු 29ක් රැස් කළා. නමුත් ප්‍රතිවාදීන් එම අර්ධයේ දී කිසිදු ලකුණක් රැස් කළේ නැහැ. දෙවැනි අර්ධයේදී දෙපිලම ලකුණු 14 බැගින් ලබාගත්තා. ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වුණේ, ලකුණු 43-14ක් ලෙස වේල්ස් කණ්ඩායමට ජය හිමිකර දෙමින්. ජයග්‍රාහී ක්‍රීඩකයින් ගෝල දිනුම් 5ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරකින් ලකුණු රැස් කළා. වේල්ස් කණ්ඩායමට මෙහිදී ප්‍රසාද ලකුණක් හිමිවීම ද විශේෂත්වයක්.

    Latest News