ඊශ්‍රායල හමුදාව මීට අමතරව, සිරියානු ඉලක්ක වෙත රොකට් ප්‍රහාර එල්ල කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. තම රටට එල්ල වූ ප්‍රහාරවලට පිළිතුරු ලෙස මෙය සිදු කළ බව, ඊශ්‍රායලය පවසයි. ප්‍රහාරවලින්,පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන් දෙදෙනෙකු මියගියේය. එසේම, සාමාන්‍ය වැසියන් සිව් දෙනෙකු ද තුවාල ලැබූ බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.